26.7 C
Colombo
Sunday, August 17, 2025

ට්‍රම්ප් හමුවෙන්න සෙලෙන්ස්කි ඇමරිකාවට යයි

Published:

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීම සඳහා යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි එළැඹෙන සඳුදා ඇමරිකාවට පැමිණීමට නියමිත බව විදෙස් වාර්තා පවසනවා.

ඒ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අතර පැවැත් වූ තීරණාත්මක සාකච්ඡාවෙන් අනතුරුවයි.

එම හමුවෙන් පසුව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, යුක්‍රේන සහ යුරෝපා රටවල නායකයින් සමග දුරකතන සාකච්ඡාවක් පවත්වා ඇති බවද සඳහන්.

ට්‍රම්ප් ජනාධිපතිවරයා ඇලස්කාවේ සිට නැවත වොෂින්ටන් වෙත පැමිණෙන අතරතුර යුක්‍රේන ජනාධිපතිවරයා සමග දීර්ඝ දුරකතන සාකච්ඡාවක නිරත වී ඇති අතර පසුව එම දුරකතන සාකච්ඡාව සඳහා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ඇතුළු යුරෝපා රටවල නායකයින් ද සම්බන්ධ වී ඇති බව සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,363FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img