අමෙරිකාවේ යුටා ප්‍රාන්තයේ විශ්වවිද්‍යාලයක පැවති උත්සවයක් අතරතුර එරට කන්සර්වේටිව් පක්ෂයේ ප්‍රබල දේශපාලන ක්‍රියාකරුවෙකු වු චාලි කර්ක් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ සටන වෙනුවෙන් පෙරමුණ ගෙන ක්‍රියාකළ තරුණ දේශපාලන ක්‍රියාකරුවෙකු වන චාලී කර්ක් එරට විශ්වවිද්‍යාලවල එළිමහන් විවාද පැවැත්වීම සම්බන්ධයෙන් විශාල ප්‍රසිද්ධියක් උසුලනවා.
31 හැවිරිදි වියේ පසු වූ චාලි කර්ක්ගේ ඝාතනය පිළිබඳ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද සිය සංවේගය පල කර තිබෙන අතර අමෙරිකා එක්සත් ජනපදයේ ධජ ලබන ඉරිදා සවස 6.00 වන තෙක් අඩකුඹු කිරීමට ද ජනාධිපතිවරයා නියෝග කර ඇති බව සඳහන්.
මෙම ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරු අනාවරණය වී නොමැති අතර අමෙරිකානු බුද්ධි අංශ ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.