151 වන ලෝක තැපැල් දිනය අද (09) යි.
ඒ වෙනුවෙන් වන ජාතික සැමරුම් උත්සවය අද පෙරවරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් බදුල්ල තැපැල් සංකීර්ණ ශ්‍රවණාගාරයේදී පැවැත්වෙනවා.
විශ්ව තැපැල් සංගමය මඟින් ගනු ලැබූ තීරණයකට අනුව ලොව රටවල් 193 ක් මෙම දිනය සෑම වර්ෂයකම ඔක්තෝබර් 09 වැනි දින සමරනවා.
1874 දී ලොව පුරා රටවල් ගණනාවක් ඔක්තෝම්බතෝර් 09 වෙනි දින පොදු තැපැල් සංගමය යන සංවිධානයක් පිහිටුවා ගැනීමට ගිවිසුම් අත්සන් කිරීම සිදු වූ අතර ඒ අනුව එම දිනය ලෝක තැපැල් දිනය ලෙස 1969 වර්ෂයේ දී නම් කෙරුණා.
මෙරට සමරනු ලබන 56 වන ජාතික තැපැල් දින සැමරුම් උත්සවය මෙයයි.
මේ අතර තැපැල් සේවකයින් විසින් අතිකාල දීමනා වංචනික ලෙස ලබාගෙන ඇති බවට තැපැල්පතිවරයා සිදුකළ ප්‍රකාශයට විරෝධය පලකරමින් කළුපටි පැළැද අද දිනයේ සේවයට වාර්තා කරන බව තැපැල් වෘත්තීය සමිති සඳහන් කළා.
මේ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත අද දිනයේ පැමිණිල්ලක් සිදුකරන බවද ඔවුන් පවසනවා.