27.8 C
Colombo
Thursday, September 11, 2025

ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රගතිය ගැන ලෝක බැංකුවෙන් පැසසුම්

Published:

ශ්‍රී ලංකාව සිය ආර්ථිකය ස්ථාවර කරගැනීම සම්බන්ධයෙන් කැපී පෙනෙන ප්‍රගතියක් ලබා ඇති අතර, ප්‍රතිසාධනය කරගනීමේ උත්සාහය ඓතිහාසික හා ජාත්‍යන්තර ප්‍රමිතීන් අනුව අතිශයින් විශාල බව ලෝක බැංකු වෙබ් අඩවිය නිකුත් කළ වාර්තාවක දැක්වෙනවා.

රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 8%කට ආසන්න මූල්‍ය ගැලපීමක් වසර තුනක් තුළ සිදු කර ඇති අතර, එය ඉතිහාසයේ විශාලතම මූල්‍ය ගැලපීම්වලින් එකක් ලෙස සැලකෙනවා.

කෙසේ වෙතත්, මෙම මූල්‍ය ක්‍රියාමාර්ග ජනතාවට පීඩනයක් ඇති කර තිබෙන බවත්, ඊට හේතුවී ඇත්තේ ඉහළ වක්‍ර බදු, රාජ්‍ය අංශයේ සැබෑ වැටුප් අඩුවීම සහ අඩු වූ රාජ්‍ය ආයෝජන හේතුවෙන් ආර්ථිකය මන්දගාමී වීම බව මෙම වාර්තාවේ සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,157FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img