28.9 C
Colombo
Saturday, July 5, 2025

VIDEO ගෝලීය ඉන්ධන අර්බුදයක් ඇති වෙයිද?

Published:

අමෙරිකාව සිය න්‍යශ්ටික පහසුකම් ඉලක්ක කරගෙන එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමේ යෝජනාවක් ඉරාන පාර්ලිමේන්තුව විසින් ඊයේ සම්මත කළා.

මෙමගින් විශේෂයෙන් ආසියානු රටවල ඉන්ධන අර්බුදයක් ඇතිවිය හැකි බවට මත පළවෙනවා.

ගෝලීය ඛනිජ තෙල් ප්‍රවාහනයෙන් සියයට 20ක් පමණ සිදුවන්නේ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහායි.

මෙහි පටුම මාර්ගය කිලෝමීටර් 54කින් යුක්ත වන අතර, එම ප්‍රදේශය අයත් වන්නේ ඉරානයටයි.

ඉරානය ලෝක තෙල් නිෂ්පාදනයේ හත්වැන්නා වන අතර, ඔවුන් දිනකට තෙල් බැරල් මිලියන 4 ක ප්‍රමාණයක් නිපදවනවා.

කෙසේ වෙතත් ලෝක තෙල් නිෂ්පාදනයෙන් සියයට 9ක ප්‍රමාණයකට හිමිකම් කියන ඉරානයට සියයට 30 ක වෙළෙඳ බලයක් හිමිව තිබෙනවා.

ඔවුන්ට එවැනි බලයක් හිමිව තිබෙන්නේ මේ හෝමුස් සමුද්‍ර සන්ධිය හේතුවෙන්.

මෙවන් පසුබිම ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල අද අළුයම වන විට සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් තිබෙනවා.

WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 75. 99 ක් ලෙස සටහන් වූ අතර එය සියයට 2.91 ක වැඩි වීමක්.

එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 79. 18 ක් ලෙස දැක්වෙන අතර එය සියයට 2. 82 ක් වැඩි වීමක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,201FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img