27.8 C
Colombo
Wednesday, August 27, 2025

දේශීය කිරිපිටි මිලත් වැඩි වෙයි ද?

Published:

දේශිය කිරිපිටි මිල ඉහළ දැමීමට මේ දක්වා තීරණයක් ගෙන නොමැති බවත් වෙළෙඳපොළ හැසිරීම මත ඉදිරියේ දේශිය කිරිපිටි මිල සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවත් මිල්කෝ ආයතනය පවසනවා.

කිරිපිටි ආනයනකරුවන්ගේ සංසදය ඊයේ තිරණය කළේ ලෝක වෙළෙඳපොළේ කිරිපිටි මිල සියයට 8 කින් පමණ ඉහළ යාම හේතුවෙන් ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 100 කින් ඉහළ දැමීමටයි..

ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝ එකක පැකට්ටුවක මිලද රුපියල් 250 කින් ඉහළ යනු ඇති.

එම සංශෝධනය යටතේ මෙම මාසයේ සිට නව තොග වෙළදපොළට නිකුත් කරනු ඇති.

ආනයනික කිරිපිටි මිල ඉහළ යාමත් සමග කිරි තේ කෝප්පයක මිලද රුපියල් 10 කින් ඉහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,439FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img