ජපානයේ ජනතාව බියට පත් කළ දිනයක් ලෙස අද (ජූලි 05) දිනය හැඳින්වෙනවා.
ඊට හේතුව එරට ‘බබා වංගා’ හෙවත් මංගා අනාවැකි කියන්නියක වන රියෝ ටස්ටුකි, ඇගේ ‘The Future I Saw’ නම් පොතේ කළ අනාවැකියක් හේතුවෙන්.
ජපානය සඳහා වූ මෙම බියජනක අනාවැකිය කාලගුණ විද්‍යාඥයින්, භූමිකම්පා විශේෂඥයන් සහ ජපන් රජය අතරද කැළඹීමක් ඇති කර තිබෙනවා.
එම පොතට අනුව, අද පැසිෆික් සාගර වෙරළ තීරයේ භූමිකම්පාවක් සිදුවනු ඇති අතර එය 2011 සුනාමිය මෙන් තුන්ගුණයක් විනාශකාරී විය හැකි ව්‍යසනකාරී සුනාමියක් ඇති කරන බවයි පැවසෙන්නේ.
පසුගිය සති දෙකක් ඇතුළත ජපානය පුරා භූමිකම්පා 1,000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වීම නිසා ජපානය පුරා කනස්සල්ල තවත් වැඩිවී තිබෙනවා.
මෙම කුඩා භූ කම්පන හොක්කයිඩෝ සිට කියුෂු දක්වා ප්‍රදේශවලට බලපා ඇති අතර, ඉවත් කිරීම්, සුනාමි අනතුරු ඇඟවීම් සහ ගුවන් ගමන් අවලංගු කිරීම් ද සිදුකර තිබෙනවා.
අවුල් සහගත තත්ත්වය තිබියදීත්, රජය මහජනතාවගෙන් සන්සුන්ව සිටින ලෙස ඉල්ලා සිටිනවා.
මෑත කාලීන භූ කම්පන ක්‍රියාකාරකම් කිසිදු නිශ්චිත අනාවැකියකට සම්බන්ධ කිරීමට විද්‍යාත්මක පදනමක් නොමැති බවයි ඔවුන් අවධාරණය කරන්නේ.