අද (18) අලුයම කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වුණු දුම්රියේ ගැටී වන අලියෙකු මිය ගොස් තිබෙනවා.
අලුයම 5:30ට පමණ ගල්ලෑල්ල ප්‍රදේශයේදීයි අනතුර සිදුව ඇත්තේ.
මෙම වනඅලියා ප්‍රදේශයේ වී ගබඩාවලට පහරදී වී ආහාරයට ගන්නා බවත් අද අලුයම තුනේ සිට ගම්මානයේ වනඅලියා සැරිසරමින් සිටි බවත් ප්‍රදේශවාසියෙකු සඳහන් කළා.
වනඅලියා ගමට පැමිණි මොහොතේ වනජීවී දෙපාර්තමේන්තුවට දැනුම්දීමට ගම්වාසීන් පියවර ගෙන තිබුණත් නිලධාරීන් දුරකථන විසන්ධි කර තිබූ බවට ද ගම්වාසීන් චෝදනා කරනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 15ක් පමණ වන උස අඩි 8 ක පමණ වන අලියෙකු බවයි වනජීවී නිලධාරීන් සඳහන් කළේ.