29.5 C
Colombo
Thursday, August 21, 2025

ඉරානයේ පළිගැනීමේ ප‍්‍රහාර මැද තෙල් මිල පහත වැටුණේ ඇයි?

Published:

මැදපෙරදිග පිහිටි ඇමරිකානු ගුවන් කඳවුරුවලට ඉරානය විසින් ප‍්‍රහාර එල්ල කිරීමෙන් පසු තෙල් මිල පහත වැටීමක් වාර්තා වෙනවා.

ඒ, ඉරාන ඊශ‍්‍රායල ගැටුම් මැද පසුගිය දිනවල තෙල් මිල සැලකිය යුතු වැඩි වීමක් පෙන්නුම් කළ පසුබිමක.

කෙසේ වෙතත් හමුදා කඳවුරු වෙත එල්ල වුණු ප‍්‍රහාරය මගින් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමා ඉරානය බලශක්ති වෙළඳපොළට බලපෑම් කළ හැකි බවට තිබූ බිය අඩු වී තිබෙනවා.

ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් මිල 4% කින් සහ උඔෂ බොරතෙල් මිල 6% කින් පමණ ඊයේ පහත වැටුණා.

මේ අතර ඩොනල්ඞ් ට‍්‍රම්ප් ඊශ‍්‍රායල-ඉරාන සටන් විරාමයක් පිළිබඳ සිදුකළ නිවේදනයෙන් පසුව තෙල් මිල සතියක් තුළ අවම මට්ටමකට පහත වැටුණා.

ඒ අනුව උඔෂ බොරතෙල් මිල සහ බ්‍රෙන්ට් බොරතෙල් මිල 7% කින් පහත වැටුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,370FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img