සේවා ව්‍යස්ථාවේ පවතින ගැටලුවලට විසදුම් ඉල්ලමින් රජයේ පශු වෛද්‍ය නිලධාරි සංගමය අද (09) උදෑසන 06.00 සිට සංකේත වර්ජනයක නිරතවීමට තීරණය කර තිබෙනවා.
වර්ජනය සම්බන්ධයෙන් රජයේ පශු වෛද්‍ය නිලධාරි සංගමයේ සභාපති උපුල් රංජිත් කුමාර කොළඹ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් සඳහන් කළේ, පශු වෛද්‍යවරුන් සඳහාම වෙන්වූ සේවා ව්‍යවස්ථාවක් සකස් කිරීමට කටයුතු කර තිබියදීත්, එය ක්‍රියාත්මක නොකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මෙම වර්ජනය සිදුකරනු ලබන බවයි.