30.6 C
Colombo
Tuesday, January 13, 2026

ප්‍රවීණ මාධ්‍යවේදී ඉක්බාල් අතාස් අභාවප්‍රාප්ත වෙයි

Published:

ප්‍රවීණ මාධ්‍යවේදියෙකු සහ ආරක්ෂක තීරු ලිපි රචකයෙකු වූ ඉක්බාල් අතාස් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කෙටි කලක් රෝගාතුරුව ප්‍රතිකාර ගනිමින් සිටි ඒ මහතා මියයන විට ඔහු 81 වැනි වියේ පසු වූණා.

දේහය පිළිබඳ අවසන් කටයුතු අද (13) දිනයේ දෙහිවල මුස්ලිම් මහ පල්ලිය සුසන භූමියේදී සිදුකිරීමට නියමිතයි.

අවසන් ගෞරව දැක්වීම සඳහා ඒ මහතාගේ දේහය පෙරවරු 09 සිට දෙහිවල, හිල් වීථිය, සිරිවර්ධන පාර අංක 11/C ස්ථානයේ තැන්පත් කර තිබෙනවා.

1944 වසරේදී උපත ලැබූ ඉක්බාල් අතාස් මහතා සන්ඩේ ටයිම්ස් පුවත්පතේ ආරක්ෂක තීරු ලිපි රචකයෙකු ලෙස සේවය කළ අතර ඔහු විදේශිය පුවත් ඒජන්සි කිහිපයකද සේවය කර තිබෙනවා.

ඔහු ජාත්‍යන්තර පුවත්පත් සම්මාන කිහිපයක් ද දිනාගෙන ඇති අතර 2000 දී නිව් යෝර්ක් ටයිම්ස් ඔහුව හැඳිවුයේ “the country’s leading military correspondent ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,988FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img