ප්‍රවීණ රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩවෙල මහතා අද (23) උදෑසනඅභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඒ මහරගම අපේක්ෂා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී.
මියයන විට ඒ මහතා 56 වන වියේ පසුවු නලීන් ප්‍රදීප් උඩවෙල මහතා දෙදරු පියෙක්.
ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්‍රය තුළ වේදිකාව, සිනමාව සහ පුංචි තිරය යන අංශ තුනෙහිම සිය ප්‍රතිභාව විදහාලූ ඒ මහතා රසිකයන්ගේ ආදරයට පාත්‍ර වූ විශිෂ්ට කලාකරුවෙක්.
‘ජූරිය’, ‘කැලණි පාලම’, ‘මෝදර මෝල’ සහ ‘සුද්දෙක් ඔබ අමතයි’ වැනි වේදිකා නාට්‍ය රැසකට ඔහු රංගනයෙන් දායක වුණා.
‘අකුරු මැකී නෑ’, ‘අපර්ණා’, ‘බට්ටි’, ‘ඇත් කඳ ලිහිණි’, ‘ඉසුරු පවුර’, ‘කසී සලු’, ‘මොනරවිල’, ‘නිසලවිල’, ‘සුදු හාමිනේ’ සහ ‘සුවඳ පද්ම’ ඇතුළු ටෙලිනාට්‍ය ගණනාවකටම නලින් ප්‍රදීප් උඩවෙල මහතා සිය රංගන දායකත්වය ලබාදුන්නා.
‘නිසල විල’, ‘තාරකා මල්’ සහ ‘ආසයි මං පියාඹන්න’ යන නිර්මාණවලදී දැක්වූ දක්ෂතා වෙනුවෙන් සම්මානයට පාත්‍ර වූ නලීන් ප්‍රදීප් උඩවෙල මහතා හේතුවා ලෙස “ශේෂ” සිනමා නිර්මාණයේ දැක්වූ දක්ෂතා හේතුවෙන් ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගත්තා.