වෙනිසියුලානු විපක්ෂ නායිකා මරියා මචාඩෝ සිය නොබෙල් සාම ත්‍යාගය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත පිරිනමා තිබෙනවා.
ඒ ධවල මන්දිරයේ පැවැති හමුවකදී.
එම හමුවෙන් අනතුරුව මාධ්‍යවෙදීන් අමතමින් ඇය පවසා ඇත්තේ වෙනිසියුලානු ජනතාවගේ නිදහස සඳහා ඔහුගේ කැපවීම අගය කිරීමක් ලෙස සිය සාම ත්‍යාගය අමෙරිකානු ජනාධිපතිවරයා වෙත පිරිනැමූ බවයි.
මචාඩෝ පසුගිය සතියේ දිනක සිය නොබෙල් සාම ත්‍යාගය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත පිරිනැමීමට කටයුතු කරන බවත් සඳහන් කර තිබුණා.
කෙසේ නමුත් නෝර්විජියානු නොබෙල් කමිටුව සඳහන් කර තිබුණේ නොබෙල් ත්‍යාගයක් ප්‍රකාශයට පත් කළ පසු එය අවලංගු කිරීමට, බෙදා ගැනීමට හෝ වෙනත් අයෙකු වෙත පිරිනැමීටම නොහැකි අතර ඇල්ෆ්‍රඩ් නොබෙල්ගේ කැමැත්තෙහි හෝ නොබෙල් පදනමේ ප්‍රඥප්තිවල එවැනි හුවමාරුවක් සඳහා හැකියාවක් නොමැති බවයි.



