ලබන ජූලි 09වනදා සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ අමෙරිකානු තීරුබදු පැනවීම අගෝස්තු 01වනදා දක්වා ප්‍රමාදවන බව ධවල මන්දිර නිලධාරීන් පවසනවා.
නව අන්‍යෝන්‍ය තීරුබදු ප්‍රතිශත සඳහන් ලිපි බෙදාහැරීම එරට වේලාවෙන් අද දහවල් සිට ආරම්භ කරන බවයි ට්‍රම්ප් සිය ටෘත් ගිනුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේ.
ලොවපුරා රටවල් රැසකට 10%ක මූලික තීරුබදු අනුපාතයක් සහ 50%ක් දක්වා අමතර තීරුබදු පැනවීමට කටයුතු කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් පළමුවරට ප්‍රකාශයට පත්කරනු ලැබුවේ පසුගිය අප්‍රේල් මාසයේදීයි.