31.1 C
Colombo
Monday, July 14, 2025

යුක්‍රේනයට ඇමරිකාවෙන් ගුවන් ආරක්ෂක මිසයිල

Published:

යුක්‍රේනයට පේට්‍රියට් ගුවන් ආරක්ෂක මිසයිල යවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා.

රුසියානු ආක්‍රමණයකට එරෙහිව සටන් කිරීමට සහාය වීමක් ලෙස මෙම මිසයිල යවන බවයි ට්‍රම්ප් සඳහන් කළේ.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් උදෑසන හොඳින් කතා කළත් හවසට බෝම්බ හෙළනවා යනුවෙන් සපවසන බවත් ඒ නිසා පේට්‍රියට් ගුවන් ආරක්ෂක මිසයිල යුක්‍රේනයට ලබාදීම අත්‍යාවශ්‍ය බවත් ට්‍රම්ප් පැවසුවා.

මිසයිල කොපමණ සංඛ්‍යාවක් යුක්‍රේනයට ලබාදෙන්නේ ද යන්න අමෙරිකාව මෙතෙක් ප්‍රකාශ කර නොමැති අතර, නේටෝව විසින් ඒ සඳහා වූ අරමුදල් සපයනු ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,247FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img