රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ බස් රථ අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 17 දක්වා ඉහළ ගොස් තිබේ.
මියගොස් ඇති පිරිස අතරට පිරිමි පුද්ගලයින් 12ක් සහ කාන්තාවන් 05ක් අයත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.
අනතුරින් තවත් 40කට අධික පිරිසක් තුවාල ලබා කොත්මලේ ප්‍රාදේශීය රෝහලට සහ නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කර ඇත.