එක්සත් ජාතික පක්ෂයේ 79 වන සමුළුව “එකට සිටගමු” යන තේමාව යටතේ අද (20) පැවැත්වීමට නියමිතයි.
ඒ ජයවර්ධනපුර ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයකදී.
මෙම සමුළුව පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර, සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු විපක්ෂයේ සියලු පක්ෂ සඳහාද ආරාධනා කර තිබෙනවා.
සැප්තැම්බර් 6 වන දිනට නියමිතව තිබූ මෙම උත්සවය, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් කල් දමා තිබුණා.