28.9 C
Colombo
Saturday, July 5, 2025

බැටරිය සහිත, වහළ මත සවිකරන සුර්ය කෝෂ පද්ධති සඳහා ඒකක මිල රුපියල් 45.80 දක්වා ඉහළට

Published:

බැටරිය සහිත, වහළ මත සවිකරන සුර්ය කෝෂ පද්ධති සඳහා කරන ගෙවීම් ඉහළ දැමීමට තීරණය කර ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.

ඒ අනුව, මින් පෙර රුපියල් 27 ක් ලෙස පැවති එක් ඒකකයක් සඳහා රුපියල් 45.80ක මුදලක් ගෙවීමට තීරණය කර ඇති බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රධාන ඉංජිනේරු ධම්මික විමලරත්න සඳහන් කළේ.

බැටරිය සහිත, නව සබඳතා සඳහා පමණක් එම ගාස්තු වැඩිකිරීම සිදුකෙරෙන බවද, නව තීරණය කඩිනමින් ක්‍රියාවට නැංවීමට නියමිත බවද විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රධාන ඉංජිනේරු ධම්මික විමලරත්න වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,201FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img