‘දිට්වා’ සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් අඩපණ වූ මෙරට අධ්‍යාපන පද්ධතිය නැවත නගාසිටුවීම සඳහා යුනිසෙෆ් සංවිධානයේ ව්‍යාපෘති සැලැස්ම ඉදිරිපත් කිරීම සඳහා වූ සාකච්ඡාවක් ඊයේ (23) අධ්‍යාපන අමාත්‍යාංශයේදී අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ යුනිසෙෆ් සංවිධානයේ නියෝජිත පිරිසක් අතර පැවැත්වුණා.
එහිදී ආපදා තත්ත්වයෙන් පසු ශ්‍රී ලංකාවේ අධ්‍යාපන කටයුතු නැවත නගාසිටුවීම සඳහා අමාත්‍යාංශ සැලසුම්වලට සමගාමීව යුනිසෙෆ් සංවිධානය විසින් “සාධාරණත්වය සහ ගුණාත්මකභාවය” යන තේමාව යටතේ සැකසූ යුනිසෙෆ් සැලැස්මක් අග්‍රාමාත්‍යවරිය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
ආපදාවෙන් විපතට පත් පාසල්, විශ්වවිද්‍යාල, අධ්‍යාපන විද්‍යාපීඨ සහ වෘත්තීය පුහුණු ආයතන ඇතුළු සමස්ත පද්ධතිය තුළ සිටින සිසුන් සහ කාර්ය මණ්ඩල සම්බන්ධව මෙහිදී ප්‍රධාන අවධානය යොමුවී ඇති අතර, අධ්‍යාපන ක්‍රියාකාරකම් නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා එම ආයතනවල සිදු වූ හානියේ ස්වභාවය වර්ග කර, අවශ්‍ය ඒවා කඩිනමින් පිළිසකර කිරීම සහ සම්පූර්ණ වශයෙන් හානි වූ පාසල් වෙනුවට විකල්ප ඉගෙනුම් මධ්‍යස්ථාන සෑදීම වැනි යටිතල පහසුකම් සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීමත් එම සැලසුමේ අන්තර්ගත වනවා.
එමෙන්ම පීඩාවට පත් ගුරුවරුන්ගේ පෞද්ගලික අලාභහානි පිළිබඳ සොයා බලා ඔවුන්ට පාසල්වලට පැමිණීමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැපයීම වැනි අධ්‍යයන කාර්ය මණ්ඩල සවිබල ගැන්වෙන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමත්, සිසුන්ට අහිමි වූ පොත්පත් උපකරණ නැවත ලබා දී ඔවුන්ගේ මානසික යහපැවැත්ම හා ආරක්ෂාව තහවුරු කිරීම වැනි සිසුන්ගේ ආරක්ෂාව සහ ඉගෙනීමේ අඛණ්ඩතාවය රැකගැනීම පිළිබඳවත් එම සැලසුමෙන් සැලසුම් කර තිබෙනවා.
තවද කිසිම සිසුවෙකුට අධ්‍යාපනය මඟ නොහැරෙන පරිදි ආබාධ සහිත සිසුන් සහ පෙර සිටම විවිධ අපහසුතා මැද සිටින සිසුන් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීමටත්, පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන විෂය කාලසටහන් නම්‍යශීලී කිරීමටත්, භෞතිකව පැමිණිය නොහැකි සිසුන් සඳහා ඩිජිටල් ඉගෙනුම් ක්‍රමවේද සකස් කිරීමටත් අදාළ එම සැලසුම්මෙහි අඩංගුයි.




I recently visited ez777web, and it’s honestly pretty awesome! Clean design and easy to navigate. Definitely a plus in my book! Check it out: ez777web
Mariobet on Twitter? Probably just ads and promotional stuff. Good to see if they have any freebies, but don’t take everything you read on Twitter as gospel. Follow for tips, but bet smart! mariobettwitter