24.5 C
Colombo
Wednesday, November 26, 2025

බැකෝ සමන් සහ තැඹිලි ළහිරු අධිකරණයට රැගෙන එයි

Published:

ප්‍රබල අපරාධ කල්ලි නායකයින් දෙදෙනෙකු බව කියන “බැකෝ සමන්” සහ “තැඹිලි ළහිරු” වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔවුන් දෙදෙනාව රඳවාගෙන ප්‍රශ්න කරන බව බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට පසුගිය දා දැනුම් දී තිබුණා.

ගණේමුල්ල සංජීව ඝාතනය ඇතුළු මිනිස් ඝාතන රැසකට සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයින් වන කෙහෙල්බද්දර පද්මේ ඇතුළු 05 දෙනෙකු පසුගිය දා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට පත් වුණා.

“බැකෝ සමන්” සහ “තැඹිලි ළහිරු” ද ඊට අයත්.

ඒ ශ්‍රී ලංකා පොලීසියේ විශේෂ කණ්ඩායමක් සහ ජකර්තා පොලීසිය ඒකාබද්ධව සිදුකළ විශේෂ මෙහෙයුමකදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,472FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img