31.1 C
Colombo
Monday, September 8, 2025

ජගත් මානව හිමිකම් සැසිය අද ජිනීවාහීදී ඇරඹේ

Published:

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 60 වැනි සැසිවාරය අද (08) ජිනීවා නුවරදී ආරම්භ වනවා.

ඊට සහභාගි වීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ඊයේ දිවයිනෙන් පිටත්ව ගියා.

ඒ අනුව අමාත්‍යවරයා අද එම සමුලුව ඇමතීමට නියමිත අතර, එහිදී ශ්‍රී ලංකාවේ ස්ථාවරය පැහැදිලි කරනු ඇති.

මෙම සැසිවාරය සඳහා ඉදිරිපත් කෙරෙන ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ වාර්තාව පසුගියදා ප්‍රකාශයට පත් කළා.

එම වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකා රජය හමුදාවේ හා අනෙකුත් ආරක්ෂක අංශවල බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිගැනීමට වසර ගණනාවක් පුරා අසමත්ව ඇති බවයි.

එමෙන්ම යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධිකරණයට කටයුතු කිරීමට බලය හිමි වන රෝම ප්‍රඥප්තියට අත්සන් තැබීමට ද මෙමගින් නිර්දේශ කර තිබෙනවා.

කෙසේ වෙතත් මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ වාර්තාවට ජිනීවා නුවර ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය පිළිතුරු දී තිබුණා.

එමගින් ශ්‍රී ලංකා දූත මණ්ඩලය පෙන්වා දී ඇත්තේ අදාළ වාර්තාව ඉදිරිපත් කිරීමට පදනම් වූ මානව හිමිකම් මණ්ඩලය සම්මත කළ 57/1 දරන යෝජනාව ශ්‍රී ලංකාව පිළිගෙන නොමැති බවයි.

ඒ යටතේ ක්‍රියාත්මක වන වගවීම් ව්‍යාපෘතියට ශ්‍රී ලංකාව අඛණ්ඩව විරුද්ධත්වය පළකරන බවත්, දේශීය සංහිඳියා ක්‍රියාවලියට එවැනි බාහිර ව්‍යාපෘතීන් අගතිදායක වන බවත් එමගින් පෙන්වා දී තිබෙනවා.

ජගත් මානව හිමිකම් සැසිවාරයට සමගාමීව මෙම සංචාරය අතරතුර අමාත්‍ය විජිත හේරත් ඉහළ පෙළේ රාජතාන්ත්‍රිකයන් කිහිප දෙනෙකු සමඟ ද්විපාර්ශික සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර ජගත් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් සමග ද විශේෂ හමුවකට එක්වනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,550FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img