27.2 C
Colombo
Saturday, February 28, 2026

ජගත් මානව හිමිකම් මහ කොමසාරිස් අද දිවයිනට

Published:

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් නිල සංචාරයක් සදහා අද දිවයිනට පැමිණෙනවා.

ඔහු මේ මස 26 දක්වා මෙරට රැදී සිටිනු ඇති.

2016 වසරේ පෙබරවාරි මාසයෙන් පසු ජගත් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයෙකු ශ්‍රී ලංකාවේ සංචාරයේ නිරත වන පළමු අවස්ථාව මෙය වනවා.

සංචාරය අතරතුර, මහ කොමසාරිස්වරයා ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා හමුවීමට නියමිතයි.

ඊට අමතරව ඔහු විදේශ අමාත්‍යවරයා, කැබිනට් අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරීන්, ආගමික නායකයින්, සිවිල් සමාජයේ නියෝජිතයින්, රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාව ද හමුවනු ඇති.

ශ්‍රී ලංකාවට පැමිණෙන මානව හිමිකම් පිළිබද මහ කොමසාරිස්වරයා දළදා සමිදුන් වැඳ පුදාගෙන, මල්වතු සහ අස්ගිරි පාර්ශවයේ මහනාහිමිවරුන් ද බැහැදැකීමට නියමිතයි.

ඔහු යාපනය සහ ත්‍රිකුණාමලයේ සංචාරයක ද නිරත වන අතර එහිදී උතුර සහ නැගෙනහිර පළාත්වල ආණ්ඩුකාරවරුන් හමුවීමට ද සැලසුම් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,502FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img