යුක්රේන ජනාධිපති වොල්දොමීර් සෙලෙන්ස්කි විසින් නව අගමැතිවරයෙකු නම් කර තිබෙනවා.
ජනාධිපති වොල්දොමීර් සෙලෙන්ස්කි එරට නියෝජ්‍ය අගමැතිනි යුලියා ස්වයිරිඩෙන්කෝගෙන් නව රජයට නායකත්වය දෙන ලෙස ඉල්ලා තිබෙනවා.
බලයට පත්වීමට නියමිත 39 හැවිරිදි නව අගමැති ස්වයිරිඩෙන්කෝ ආර්ථික විද්‍යාඥවරියක් වනවා.
2021 වසරේ සිට පළමු නියෝජ්‍ය අගමැතිනිය ලෙසයි ඇය සේවය කරන්නේ.
එමෙන්ම ඇමරිකාව සමග ඛනිජ ගිවිසුම සඳහා මෑත කාලීන සාකච්ඡාවලදී ඇය ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළා.
එමෙන්ම යුක්රේනයේ වත්මන් අගමැති ඩෙනිස් ෂ්මිහාල්ට ආරක්ෂක අමාත්‍ය ධුරය භාර ගන්නා ලෙස ද සෙලෙන්ස්කි යෝජනා කර තිබෙනවා.
ඒ සඳහා ඔහු ඉතා සුදුස්සෙක් බවයි සෙලෙන්ස්කි පවසා ඇත්තේ.
එමෙන්ම දේශීය අවි නිෂ්පාදනය ඉහළ නැංවීමට තමන් රජය සමග සාකච්ඡා කළ බවද සෙලෙන්ස්කි වැඩිදුරටත් කියා සිටියා.