TikTok අමෙරිකානු මෙහෙයුම්වල හිමිකාරිත්වය සම්බන්ධයෙන් ගිවිසුමකට එළැඹ තිබෙනවා.
ඒ අනුව අදාළ ගිවිසුම සඳහා වන මූලික රාමුව මේ වනවිටත් සකස් කර ඇති බවයි වාර්තා වන්නේ.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර ලබන සිකුරාදා පැවැත්වෙන හමුවේ දී ඒ සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට එළඹෙනු ඇති.