27.2 C
Colombo
Thursday, August 21, 2025

තායිවාන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේදී රිදී, ලෝකඩ පදක්කම් දෙකක්

Published:

තායිවාන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (8) පස්වරුවේ පැවති කාන්තා හෙල්ල විසිකිරීම ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට නදීෂා ලේකම්ගේ සමත් වුණා.

ඇය දැක්වූ දක්ෂතාවය මීටර් 56.62 ක්.

මෙහි රන් පදක්කම ඉන්දියාවේ අන්නු රාණි විසින් දිනාගත් අතර, ඇය මීටර් 56.82 ක දක්ෂතාවක් දැක්වූවා.

මේ අතර අද (8) පැවති මීටර් 100 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ චමෝද් යෝධසිංහ සමත් වුණා.

ඔහු වාර්තා කළ කාලය තත්පර 10.38 ක්.

මෙහි රන් පදක්කම දිනාගැනීමට ඔස්ට්‍රේලියාවේ ජිසෙෆ් අයෝඩේ සමත් වූ අතර, ඔහු සිය ඉසව්ව තත්පර 10.34 කින් අවසන් කළා.

එමෙන්ම තත්පර 10.36 කින් තරගය අවසන් කළ ජපානයේ බෲනෝ ඩෙඩේ රිදී පදකක්ම දිනාගත්තා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,370FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img