මේ වන විට රට පුරා පැතිර යන කොවිඩි ප්‍රභේදය ආසාදනය වීමෙන් මේ දක්වා පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව වයඹ වෛද්‍ය පීඨයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ප්‍රධාන මහාචාර්ය දුෂාන්ත මැදගෙදර මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
වෛරස් විද්‍යාතනයට අනුව ලංකාවේ දැනට ශ්වසන රෝගීන්ගේ 9% – 13% අතර සංඛ්‍යාවකට අලුත් ප්‍රභේදය හේතුවෙන් කොවිඩ් ආසාදනය වී ඇති බවත් මෙම කොවිඩ් ආසාදනය ඉතාම අඩු බැරෑරුම් තත්ත්වයක පවතින බවත් ඔහු සඳහන් කළා.
හානිකර තත්ත්වයන් ඉතාම අවම නමුත් අවුරුදු 65 ට වැඩි ප්‍රතිශක්ති අඩු රෝගීන්ට තත්ත්වය බැරෑරුම් විය හැකියි.
එවැනි පුද්ගලයින් මේ පිළිබඳ සැලකිලිමත් විය යුතුයි.
ලංකාවේ මරණ දෙකක් වාර්තා වන අතර ඔවුන් දෙදෙනාම සංකූලතා තිබූ අය බවත් ඒ හැරුණු කොට වෙනත් බැරෑරුම් තත්ත්වයක් නොමැති බැවින් අනවශ්‍ය කලබලයක් ඇතිකර නොගත යුතු බවද මහාචාර්ය දුෂාන්ත මැදගෙදර මහතා පවසනවා.