ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට සූදානම් බවට හමාස් සංවිධානය කළ ප්‍රකාශයකට ප්‍රතිචාර වශයෙන් බෝම්බ හෙලීම නවත්වන ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායලයට කළ ඉල්ලීම නොතකා, ඊයේ දිනයේදී ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් 70 දෙනෙකු පමණ මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඉදිරි සතියේ ඊජිප්තුවේ සටන් විරාම සාකච්ඡා ආරම්භ වීමට නියමිතව තිබියදී, ට්‍රම්ප් ඊයේ සිය Truth Social ගිනුමේ සටහනක් තබමින් පැවසුවේ ඊශ්‍රායලය ගාසා තීරය තුළ “මූලික ඉවත් වීමේ රේඛාවකට” එකඟ වී ඇති බව සහ “හමාස් තහවුරු කළ විට, සටන් විරාමය වහාම ක්‍රියාත්මක වන” බවයි.
ඊශ්‍රායලය පැවසුවේ තම හමුදාවන්ට තර්ජනයක් වූ හමාස් සටන්කාමියෙකු ඉලක්ක කරගත් බවත්, ජීවිත හානි පිළිබඳ වාර්තා සමාලෝචනය කරමින් පවතින බවත්ය.
හමාස් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, “ආක්‍රමණයේ බෝම්බ හෙලීම් සහ සමූලඝාතන අඛණ්ඩව පැවතීම, සිවිල් වැසියන්ට එරෙහි හමුදා මෙහෙයුම් අඩු කිරීම පිළිබඳ නෙතන්යාහුගේ බොරු හෙළිදරව් කරන” බවයි.
හමාස් සංවිධානය එකඟ වූ පසු සටන් විරාමයක් ක්‍රියාත්මක වන බවත්, “ප්‍රාණ ඇපකරුවන් සහ සිරකරුවන් හුවමාරුව ආරම්භ වන බවත්, ට්‍රම්ප් සඳහන් කළා.




Was hunting for a promo code and found one that worked on indibetpromocode. Saved a few rupees, so worth the search. Happy to try indibet out!
Spending some time on 76kbet, and it’s growing on me. Nothing fancy, but gets the job done! See what you think: 76kbet