30.6 C
Colombo
Sunday, September 7, 2025

වෙනිසියුලානු ජෙට් යානා වෙඩි තබා බිම හෙළන බවට ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

Published:

වෙනිසියුලානු ජෙට් යානාවලට වෙඩි තබා බිම හෙළන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබෙනවා.

වෙනිසියුලානු ජෙට් යානා අමෙරිකානු නාවික නැව්වලට ඉහළින් පියාසර කර අනතුරක් සිදු වුවහොත් එලෙස එම යානා බිම හෙළන බවයි ට්‍රම්ප් පවසන්නේ.

දින දෙකක් තුළ දෙවන වරටත් දකුණු අමෙරිකාවට ඔබ්බෙන් වූ අමෙරිකානු නෞකාවක් අසල වෙනිසියුලානු හමුදා ගුවන් යානා පියාසර කිරීමෙන් පසුව ජනාධිපතිවරයා මෙම අනතුරු ඇඟවීම සිදු කර තිබෙනවා.

වෙනිසියුලාවෙන් “මත්ද්‍රව්‍ය ගලා එන” බවටත්, එක්සත් ජනපදයේ ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස තහනම් කර ඇති කල්ලියක් වන ට්‍රෙන් ඩි අරගුවා හි සාමාජිකයින් එහි ජීවත් වන බවටත් ට්‍රම්ප් චෝදනා නගනවා.

මත්ද්‍රව්‍ය ගලායාම වැළැක්වීම සඳහා අතිරේක නාවික යාත්‍රා සහ මැරීන් භටයින් මෙන්ම නාවිකයන් යෙදවීමට එක්සත් ජනපද හමුදාව පියවර ගෙන ඇති අතර දකුණු කැරිබියන් කලාපය තුළ සිය හමුදා ශක්තිය වර්ධනය කිරීමටත් පියවර ගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,514FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img