26.7 C
Colombo
Sunday, August 17, 2025

ට්‍රම්ප් – පුටින් පළමු සාකච්ඡාව අවසන් – මීළඟ සාකච්ඡාවට ට්‍රම්ප්ට මොස්කව් වෙත ආරාධනාවක්

Published:

වසර 6 කට පසුව ඇමරිකානු සහ රුසියානු ජනාධිපතිවරුන් අතර යුක්‍රේන අර්බුදය සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාව ඵලදායී ලෙස නිමාවට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ලෝකයේම අවධානයට ලක්වූ මෙම සාකච්ඡාවේදී ඇලස්කාව වෙත පැමිණි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට විශේෂ ආරක්ෂාවක් ලබාදී තිබුණා.

යුක්රේනය සමග පවතින ගැටුම විසඳා ගැනීමට වැඩකිරීමට සූදානම් බවත්, ට්‍රම්ප් සමග පවතින අවබෝධය යුක්රේනයේ සාමයට මග පාදනු ඇතැයි බලාපොරොත්තු වන බවත්, රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් එහිදී සඳහන් කළා.

ගැටුම විසඳීම සඳහා ඇතිවෙමින් තිබෙන ප්‍රගතියට බාධා නොකරන ලෙස ඔහු යුක්රේනයෙන් සහ යුරෝපයෙන් ඉල්ලීමක්ද කළා.

2022 දී ට්‍රම්ප් ජනාධිපතිවරයා වූයේ නම් යුක්රේන ගැටුම කිසිදා ඇති නොවන බවට රුසියානු ජනාධිපතිවරයා සිදු කළ ප්‍රකාශය ද ලෝකයේම දැඩි අවධානයක් දිනාගත්තා.

යුක්රේනයේ වත්මන් තත්ත්වය රුසියාවට ඛේදවාචකයක් සහ විශාල වේදනාවක් බවත් යුක්රේනයේ ආරක්ෂාව සහතික කළ යුතු බවට රුසියාව එකඟ වන බව සහ ඒ වෙනුවෙන් වැඩ කිරීමට සූදානම් බවත් ට්‍රම්ප් සමග පැවති මූලික වටයේ සාකච්ඡාවෙන් පසුව පුටින් මාධ්‍ය වෙත පැවසුවා.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ සාකච්ඡාවේ ප්‍රගතියක් ඇති නමුත් ගිවිසුම්ගතවනතුරු ගිවිසුමක් නොමැති බවයි.

මේ සම්බන්ධයෙන් නේටෝව කැඳවන බවත් යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි අමතා මෙම හමුවේදී සාකච්ඡා කළ කරුණු සම්බන්ධයෙන් දැනුවත් කරන බවත් ට්‍රම්ප් සඳහන් කළා.

කෙසේවෙතත් හමුව පැවැත්වීමට පෙර ට්‍රම්ප් පවසා තිබුණේ තමන් මෙම සාකච්ඡාවට සහභාගි වීම ‘යුක්රේනයට බ්‍රෝකර්කමක් කිරීමක්’ නොවන බවත් රුසියා-යුක්රෙන යුද්ධයට විසදුමක් සාකච්ඡා මේසයට ගෙනඒමට වෙනුවෙන් පමණක් තමන් කටයුතු කරන බවයි.

මෙම සාම සාකච්ඡා වටමේසයේ මීළඟ හමුව සඳහා පුටින් ට්‍රම්ප්ට මොස්කව් වෙත ආරාධනා කළා.

ආරාධනය පිළිගැනීම ගැන තමාට යම් උද්දීපනයක් ඇති වන බවයි ට්‍රම්ප් එහිදී පැවසුවේ.

කෙසේවෙතත් දෙවැනි වටයේ සාකච්ඡාව වඩාත් තීරණාත්මක සහ වැදගත් වනු ඇති බවත් ඊට යුක්රේන ජනාධිපති ව්ලොද්මීර් සෙලෙන්ස්කි සහභාගි වනු ඇති බවටත් ට්‍රම්ප් පෙර පැවසුව ද මොස්කව් වෙත සෙලෙන්ස්කිට පැමිණීමට පුටින් අද දින ආරාධනාවක් කර තිබුණේ නැහැ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,363FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img