රුසියානු ඉන්ධන මිලදී ගැනීම නවත්වන ලෙස ඉල්ලා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නේටෝ ජාතීන්ට බලපෑම් කර තිබෙනවා.
විදෙස් වාර්තා පවසන්නේ යුක්‍රේන – රුසියා යුද්ධය අවසන් කිරීම සඳහා රුසියාවට ප්‍රධාන සම්බාධක පනවන ලෙසත් ට්‍රම්ප් විසින් එම රටවලට දන්වා ඇති බවයි.
සියලුම නේටෝ රටවල් එකඟ වී එකම දේ සිදු කිරීමට ආරම්භ කළ විට සහ සියලුම නේටෝ රටවල් රුසියාවෙන් තෙල් මිලදී ගැනීම නැවැත්වූ විට තමන් රුසියාවට එරෙහිව ප්‍රධාන සම්බාධක පැනවීමට සූදානම් බව අමෙරිකානු ජනාධිපතිවරයා පවසා තිබෙනවා.
නේටෝ සංවිධානය විසින් චීනයට 50% සිට 100%ක තීරු බදු පැනවිය යුතු බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යෝජනා කර ඇතැයි සඳහන්.