30 C
Colombo
Saturday, January 17, 2026

ග්‍රීන්ලන්තය අල්ලාගැනීමට එරෙහි රටවලට ට්‍රම්ප්ගෙන් නව තීරුබදු

Published:

ග්‍රීන්ලන්තය ඈඳා ගැනීමේ තම වැඩපිළිවෙලට එරෙහිව කටයුතු කරන රටවලට එරෙහිව නව තීරු බදු පනවන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබෙනවා.

ධවල මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පවසා තිබෙනවා.

කෙසේ නමුත් නව තීරුබදු පනවනු ලබන්නේ කුමන රටවලටද යන්න හෝ එම එම රටවලට එරෙහිව අනුගමනය කරන බදු ප්‍රතිපත්තිය කුමක්ද යන්න හෙළිකර නැහැ.

ඩෙන්මාර්කය විසින් පාලනය කරන ස්වයං පාලන ප්‍රදේශයක් වන ග්‍රීන්ලන්තය අත්පත් කරගැනීමේ ට්‍රම්ප්ගේ තීරණයට ඩෙන්මාර්කය සහ ග්‍රීන්ලන්තය ඇතුළු රටවල් රැසක් සිය විරුද්ධත්වය දැනටමත් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ග්‍රීන්ලන්තය, මිසයිල ප්‍රහාරවලදී අමෙරිකාවට පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති සඳහා සහ කලාපයේ යාත්‍රා නිරීක්ෂණය කිරීමට සුදුසු ස්ථානයක් ලෙසයි සැලකෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,010FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img