28.9 C
Colombo
Thursday, July 10, 2025

ට්‍රම්ප්ගෙන් ලංකාවට 30%ක තීරු බද්දක්

Published:

අනෝන්‍ය තීරුබදු පැනවිම යටතේ ශ්‍රී ලංකාව විසින් සිදුකරන අපනයන සඳහා 30%ක තීරුබද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා.

ධවල මන්දිරය විසින් මෙරට වෙත නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙනවා.

ඒ අනුව මෙම අනෝන්‍ය බදු පැනවීම අගෝස්තු මස 01 වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

අමෙරිකානු ජනාධිතිවරයා විසින් මීට පෙර ශ්‍රී ලංකාව වෙත පනවා තිබු අනෝන්‍ය තීරුබදු ප්‍රතිශතය 44% ක්.

ශ්‍රී ලංකාවට අමතරව, ඇල්ජීරියාව, ඉරාකය සහ ලිබියාව සඳහා ද 30% ක තීරුබදු පනවා ඇති අතර බෲනායි සහ මෝල්ඩෝවා සඳහා 25%ක් ලෙසත්, පිලිපීනය සඳහා 20%ක් ලෙසත් තීරුබදු පනවන බව දන්වා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,223FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img