ප්‍රංශ වයින් සහ ෂැම්පේන් සඳහා 200% තීරුබදු පනවන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තර්ජනය කර තිබෙනවා.
තමන්ට සහාය දක්වන බවට කළ ආරාධනය, ප්‍රංශ ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කිරීමට අදහස් කරන බවට සැලවීමත් සමඟ ට්‍රම්ප් ජනාධිපතිවරයා මේ බව පවසා ඇතැයි සඳහන්.
ඒ අනුව මෙය ගෝලීය ගැටුම් විසඳීම අරමුණු කරගත් ජනපති ට්‍රම්ප්ගේ සාම මණ්ඩලයට ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ගේ සහාය ලබා ගැනීමට සිදුකරණ උත්සහයක් බවයි පැවසෙන්නේ.
අමෙරිකාව ප්‍රංශ වයින් සහ ස්ප්‍රීතු සඳහා විශාලතම වෙළෙඳපොළයි.
2024 දී අමෙරිකාවට යුරෝ බිලියන 3.8 ක නැව්ගත කිරීම් ද සිදුකර තිබෙනවා.



