ඇමෙරිකාව ඉදිරිපත් කළ සාම යෝජනාවලියට ප්‍රතිචාර දැක්වීම සඳහා හමාස් සංවිධානයට දින 3ත්, 4ත් අතර කාලයක් ලබා දෙන බව ට්‍රම්ප් ජනාධිපතිවරයා පවසනවා.
ඇමෙරිකාව ඉදිරිපත් කළ කරුණු 20කින් සමන්විත සාම යෝජනාවලියට හමාස් සංවිධානය එකගත නොවුවහොත් එය ඉතා කණගාටුදායක තත්ත්වයක් බවයි ට්‍රම්ප් ජනාධිපතිවරයා කියා සිටින්නේ.
ඊශ්‍රායලය හා අරාබි නායකයින් මේ වන විටත් ඊට තම එකගතාවය පළ කර ඇති බව ද ඇමෙරිකා ජනාධිපතිවරයා සඳහන් කරනවා.
එම යෝජනාවලිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට හමාස් සංවිධානයට වැඩි ඉඩක් නොමැති බවයි ඔහු පවසන්නේ.
මේ අතර ට්‍රම්ප්ගේ සාම යෝජනාවලියට ප්‍රතිචාර දක්වමින් හමාස් සංවිධානය කියා සිටින්නේ එය පලස්තීන ජනතාවගේ අවශ්‍යතා නොසලකා හැර ඇති බවයි.
එමෙන්ම එහි අඩංගු කරුණු පැහැදිලි කර ගැනීම සඳහා සාකච්ඡා අවශ්‍ය බව ද ඊශ්‍රායලය හා හමාස් සාකච්ඡාවන් හි මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කරන කටාර් අග්‍රාමාත්‍යවරයා පවසනවා.
මේ අතර ගාසාව වෙත මුහුදු මාර්ගයෙන් ආධාර රැගෙන යමින් පවතින යාත්‍රාවන්ට ඉදිරියට ගමන් නොකරන ලෙස ඉතාලි අග්‍රාමාත්‍යවරිය දැනුම් දී තිබෙනවා.
ගාසා තීරය තුළ සටන් විරාමයක් ඇති කිරීම සඳහා ඇමෙරිකාව ගෙන ඇති සාම ප්‍රයත්නය අඩපනවීමකින් තොරව ක්‍රියාත්මක වීම සඳහායි ඉතාලි අග්‍රාමාත්‍යවරිය මෙම නියෝගය ලබාදී ඇත්තේ.
ආධාර රැගත් කුඩා යාත්‍රා 40කට වැඩි ප්‍රමාණයක් හා ඉතාලියට අයත් නෞකාවක් මෙම ආධාර බලඇණියට ඇතුලත්.
ඉතාලි අග්‍රාමාත්‍යවරියගේ නියෝගයත් සමග ගාසා වෙරළ තීරයේ සිට නාවික සැතපුම් 150ක පමණ දුරින් යාත්‍රා සමුහය නවත් වන බවයි බලධාරීන් දැනුම් දී ඇත්තේ.
මෙම ආධාර තොගය ගාසා තීරයට නොව තම වරායකට ලබාදෙන ලෙස ඊශ්‍රායලය දැනුම් දී ඇති බව ද සඳහන්.




Alright, trying my luck with jilislot55 tonight. Fingers crossed! The website’s clean and easy to navigate, which is a HUGE plus. Wish me luck! You wanna give it a shot? Go to: jilislot55
Yo, check out bets88! Some folks I know are using it. Do your homework first, tho. I always say, only bet what you can afford to lose. Good luck out there!