රුසියාවට ආර්ථික සම්බාධක දැඩිකිරීම පිළිබඳ යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලයින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අමතා සාකච්ඡාකර තිබෙනවා.
ඒ අනුව ක්‍රිප්ටෝ, බැංකු සහ බලශක්ති යන අංශ ඉලක්ක කරගනිමින් කොමිසම විසින් 19 වැනි සම්බාධක පැකේජය කඩිනමින් හඳුන්වා දෙනු ඇති බව විදෙස් වාර්තා පවසනවා.
රුසියාවේ යුධ ආර්ථිකය, පොසිල ඉන්ධන ආදායමෙන් ස්ථාවර කෙරෙන අතර එමගින් යුක්‍රේනයේ ලේ වැගිරීමට හේතුවන බවයි ඇය පවසා ඇත්තේ.
එය අවසන් කිරීමට, කොමිසම විසින් රුසියාවේ පොසිල ඉන්ධන ආනයනය කිරීම නැවැත්වීමේ පියවර වහාම කඩිනම් කරන බව ද උර්සුලා ඇමතුමෙන් පසුව ඒ පිළිබඳ ප්‍රකාශයක් කරමින් කියා සිටියා.
යුරෝපා කොමිසමේ ඕනෑම තීන්දුවක් යුරෝපා රටවල් 27කට අදාළයි.
ට්‍රම්ප් විසින් පසුගියදා යවන ලද ලිපියකට ප්‍රතිචාර දක්වමින් ඇය මෙම ඇමතුම ගෙන ඇති බව විදෙස් වාර්තා පවසනවා.