න්‍යෂ්ටික සබ්මැරීන දෙකක් “සුදුසු කලාපවල ස්ථානගත කිරීමට” ඇමරිකානුජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝගකර තිබෙනවා.
ඒ රුසියානු හිටපු ජනාධිපති දිමිත්‍රි මෙඩ්විඩෙව්ගේ “අතිශයින් ප්‍රකෝපකාරී” ප්‍රකාශයන්ට ප්‍රතිචාර වශයෙන් .
සබ්මැරීන දෙක යොදවා ඇත්තේ කොහේදැයි ඔහු සඳහන් කර නැහැ.
යුක්රේනයේ සටන් විරාමයකට එකගවන ලෙස හෝ දැඩි සම්බාධකවලට මුහුණ දෙන ලෙස ට්‍රම්ප් මොස්කව් වෙත කළ අවසාන නිවේදනයන්ට ප්‍රතිචාර වශයෙන් මෙඩ්විඩෙව් මෑතකදී එක්සත් ජනපදයට තර්ජනය කර තිබුණා.
රුසියාව සහ අමෙරිකා එක්සත් ජනපදය ලෝකයේ වැඩිම න්‍යෂ්ටික අවි ඇති රටවල් වන අතර, රටවල් දෙකටම න්‍යෂ්ටික සබ්මැරීන බලඇණියක් තිබෙනවා.