31.7 C
Colombo
Saturday, July 5, 2025

දින 60 ක ගාසා සටන් විරාම යෝජනාව පිළිගන්න – ට්‍රම්ප් හමාස් සංවිධානයෙන් ඉල්ලයි

Published:

ගාසාහි දින 60ක සටන් විරාමයක් ආරම්භ කිරීමට ඊශ්‍රායලය එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ඔහු කියා සිටියේ, යුද්ධය අවසන් කිරීම සඳහා සියලු‍ පාර්ශවයන් සමඟ එක්ව කටයුතු කරන බවයි.

ගාසා තීරයේ ඊශ්‍රායලය සමඟ දින 60 ක සටන් විරාමයක් සඳහාවන අවසාන යෝජනාවට එකඟ වන ලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමාස් සටන්කාමීන්ගෙන් ද ඉල්ලා සිටියා.

ගාසා තීරය පිළිබඳව ඊශ්‍රායල නිලධාරීන් සමඟ “දිගු හා ඵලදායී” හමුවක් පැවැත්වූ බවයි සමාජ මාධ්‍ය සටහනක ට්‍රම්ප් කියා සිටියේ.

කටාර් සහ ඊජිප්තු මැදිහත්කරුවන් විසින් “මෙම අවසන් යෝජනාව” හමාස් සංවිධානයට භාර දෙන බව ද ඔහු පැවසුවා.

ඉතිරි ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට කැමැත්තෙන් සිටින බව හමාස් සංවිධානය මේ වන විටත් පවසා තිබෙනවා.

කෙසේ වෙතත් හමාස් සංවිධානය නිරායුධ කර විසුරුවා හැරියහොත් පමණක් යුද්ධය අවසන් වන බව මීට පෙර ඊශ්‍රායලය පැවසූ අතර හමාස් සංවිධානය එලෙස අවි බිම තැබීම ප්‍රතික්ෂේප කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,200FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img