තායිලන්තය හා කාම්බෝජය සටන් විරාමයක් සඳහා එකඟ වූ බව, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ට්‍රම්ප් ජනාධිපතිවරයා සඳහන් කරන්නේ දෙරටේම නායකයින් සමග සිදුකළ දුරකතන සංවාදයකින් පසුව මේ සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණ ඇති බවයි.
මේ අනූව ඉදිරි දිනෙකදී දෙරටේ නායකයින් හමුවීමටද එකඟතාවකට පැමිණි බවයි අමෙරිකානු ජනාධිපතිවරයා පවසන්නේ.
මේ අතර දෙපාර්ශ්වය සටන් විරාමයකට එකඟ නොවන්නේනම් ඔවුන් සමග වන වෙළෙඳ ගිවිසුම් අත්හිටුවන බවටද ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අනතුරු අඟවා තිබෙනවා.