ඇමරිකාවේ දැවැන්ත තාක්ෂණික සමාගම්වල වීසා බලපත්‍රලාභීන්ට අමෙරිකාවේ රැඳී සිටින ලෙසට හෝ ඉක්මනින් ආපසු පැමිණීමට අනතුරු ඇඟවෙන තීරණයක් ට්‍රම්ප් පරිපාලනය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඒ අනුව අමෙරිකාවේ සේවයේ නිරත වන , H-1B සේවක වීසා සඳහා සමාගම්වලින් වසරකට ඩොලර් 100,000 ක් ගෙවන ලෙසයි ට්‍රම්ප් පරිපාලනය පවසා ඇත්තේ.
Microsoft (MSFT.O), JPMorgan (JPM.N) සහAmazon (AMZN.O) වැනි තාක්ෂණ සමාගම්වලට මෙය බලපානු ලබනවා.
H-1B වීසා බලපත්‍රය යනු තාවකාලික, සංක්‍රමණික නොවන වීසා බලපත්‍රයක්.
මෙය අමෙරිකානු සේවායෝජකයින්ට පරිගණක විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව වැනිවිශේෂිත වෘත්තීන් සඳහා විදේශීය සේවකයන් බඳවා ගැනීමට ඉඩ සලසන ක්‍රමවේදයක්.
මෙම වෘත්තීන් සඳහාඋපාධියක් හෝ ඊට සමාන සුදුසුකමක් අවශ්‍ය වනවා.
මෙම තීරණය ඉන්දියාවෙන් සහ චීනයෙන් එරටට පැමිණෙන දක්ෂ ශ්‍රමිකයන් මත දැඩි ලෙස රඳා පවතින තාක්ෂණික ක්ෂේත්‍රයට විශාල පහරක් විය හැකි බවයි විදෙස් වාර්තා පවසන්නේ.
ඇමරිකානු වාණිජ ලේකම් හොවාර්ඩ් ලට්නික් පවසන්නේ, අදාළ සමාගම් මගින් යමෙකු පුහුණු කිරීමට යන්නේ නම්, ඔවුන් පුහුණු කළ යුත්තේ ැමරිකාවේ ශ්‍රේෂ්ඨ විශ්වවිද්‍යාලයකින් මෑතකදී උපාධිය ලබාගත් අයෙක් බවයි.
තවද ඇමරිකානුවන් පුහුණු කරන ලෙසත් ඇමරිකානු රැකියා ගැනීමට විදෙස් රටවලින් මිනිසුන් ගෙන ඒම නවත්වන ලෙසත් ඔහු පවසා තිබෙනවා.