27.8 C
Colombo
Monday, July 7, 2025

අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක්

Published:

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන දුම්රිය නියාමකවරු අද (19) මධ්‍යම රාත්‍රියේ සිට පැය 48 ක සංකේත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා.

උසස්වීම් ලබා ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් සම්බන්ධව බලධාරීන් සමඟ අවස්ථා කිහිපයකදී සාකච්ඡා කළත් විසඳුමක් නොලැබුණ නිසා මෙම වැඩ වර්ජනයට යොමු වූ බවයි දුම්රිය නියාමක සංගමය පවසන්නේ.

දෙපාර්තමේන්තු නිලධාරීන් හා තම සංගමය අතර අද දහවල් සාකච්ඡවක් පැවැත්වීමට නියමිත බවත් එම සාකච්ඡාවෙන් අනතුරුව තම සංගමය රැස් වී මෙම වෘත්තිය සමති ක්‍රියාමාර්ගය අඛණ්ඩ වැඩ වර්ජනයක් දක්වා ගෙන යනවාද නැද්ද යන්න පිළිබඳ අවසන් තීරණයක්් ගන්නා බවත් එම සංගමය සඳහන් කළා.

දිගු කාලයක සිට උසස් වීම් ලබා නොදී ම නිසා තම සේවාවේ විශාල පිරිසක් බලවත් අසාධාරණයකට පත්ව සිටින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ තත්ත්වය මත වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට යොමු වීම හැර වෙනත් විකල්පයක් නොමැති බැවින් අද ආරම්භ කරන සංකේත වැඩ වර්ජනය නිසා ජනතාවට යම් අපහසුතාවකට මුහුණ පෑමට සිදුවුවහොත් ඒ පිළිබඳව සම්පූර්ණ වගකීම ප්‍රවාහන ඇමතිවරයා ප්‍රමුඛ නිලධාරින් බාරගත යුතු බව දුම්රිය නියාමක සංගමය වැඩිදුරටත් පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,213FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img