ඊයේ (24) රාත්‍රියේ මැල්සිරිපුර, පන්සියගම ප්‍රදේශයේ නා උයන ආරණ්‍ය සේනාසනයේ කේබල් මතින් ගමන්ගන්නා ඩක්කුවක් කඩාවැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුර සිදුවන අවස්ථාවේ එම ඩක්කුවේ භික්ෂූන් වහන්සේ 13 නමක් සිට ඇති අතර මේ වන විට 7 නමක් අපවත්ව තිබෙනවා.
අපවත් වූ භික්ෂූන් වහන්සේලා අතර විදෙස් ජාතික භික්ෂුන් වහන්සේ තෙනමක් ද සිටින අතර, උන් වහන්සේගේ සිරුරු ගොකරැල්ල ප්‍රාදේශයේ රෝහලේ තැන්පත් කර ඇතැයි සඳහන්.
උන් වහන්සේ රුමේනියා, රුසියා සහ ඉන්දීය ජාතික භික්ෂූන් වහන්සේ බව පොලීසිය සඳහන් කළා.
අනෙකුත් හිමිවරුන්ගේ සිරුරු කුරුණෑගල ශික්ෂණ රෝහලේ නැත්පත් කර තිබෙනවා.
පූජා භූමියේ පැවති ආගමික වතාවත් අවසන් කොට භාවනා කුටි වෙත අදාළ භික්ෂුන් වහන්සේ වැඩම කරන අවස්ථාවේ ඊයේ (24) රාත්‍රී 9.00ට පමණ මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.
අනතුරෙන් තුවාල ලැබූ භික්ෂුන් වහන්සේ කුරුණෑගල ශික්ෂණ රෝහලට සහ පොල්ගහවෙල රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණා.
භික්ෂුන් වහන්සේ කඳු මුදුනට රැගෙන ගිය ඩක්කුවෙහි ආධාරක කම්බියක් කැඩී යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවට පොලීසිය සැක පල කරන අතර පන්සියගම පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.
අනතුර සිදුවන අවස්ථාවේ දී භික්ෂූන් වහන්සේ දෙනමක් ඩක්කුවෙන් ඉවතට පැනීම හේතුවෙන් සුළු තුවාල ලබා දිවි බේරාගෙන ඇති අතර, සිව්නමක් බරපතළ තුවාල ලබා රෝහල්ගත කර සිටින බව සඳහන්.