27.2 C
Colombo
Friday, February 27, 2026

අද කාලගුණය

Published:

උතුරු, උතුරු මැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල ඉදිරි දින කිහිපයේදී සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සදහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරු, උතුරු – මැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ප.ව. 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ සඳහන් වෙන්නේ.

මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,498FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img