30.6 C
Colombo
Sunday, July 6, 2025

පොසොන් පුර පසළොස්වක පොහොය අදයි

Published:

මෙරටට බුදදහම දායාද කරමින් අනුබුදු මිහිඳු හිමිගේ ලංකා ගමනය සිදුවූ උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදයි.

මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ඉට්ඨිය, උත්ථිය, සම්බල, බද්දසාල යන රහතන් වහන්සේලාත් සුමන සාමණේරයන් වහන්සේත් භණ්ඩුක උපාසකක් බුදුරජාණන් වහන්සේගේ නිර්මල බුදුදහම රැගෙන මිහින්තලා පව්වට වැඩම කරවීම අද වැනි පොසොන් පුර පසළොස්වක පෙහොය දිනක සිදුවූ බව බෞද්ධ ඉතිහාසයේ සඳහන්.

දේවානම් පියතිස්ස රජු ඇතුළු පිරිස චුල්ලහත්ථි පදෝපම සූත්‍රය අසා තෙරුවන් සරණ යාම සිදු වූයේද අද වැනි පොසොන් පොහොය දිනකයි.

බුදු රජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වී සිව්වන සතියේ රුවන්ගෙයි වැඩ හිදිමින් ප්‍රථම වරට සවණක් බුදුරැස් විහිදීම ද පොසොන් පුර පසළොස්වක පොහොය දිනක සිදුවූ බව බෞද්ධ ඉතිහාසයේ සඳහන්.

තෙවැනි ධර්ම සංගායනාව පැවැත්වීම ද සිදුව ඇත්තේ අදවන් පොහොය දිනකයි.

පොසොන් පුර පෝය දින සැදැහැවත් ජනතාව ආමිස හා ප්‍රතිපත්ති පූජාවේ නිරත වනවා.

මෙවර ජාතික පොසොන් උත්සවය මිහින්තලා පුදබිම කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන අතර අනුරාධපුර අටමස්ථානය ඇතුළු දිවයිනේ සෑම වෙහෙර විහාරයකම විවිධ පිංකම් සංවිධාන කර තිබෙනවා.

රාජ්‍ය පොසොන් උත්සවයට සමගාමීව පසුගිය 07වන දා සිට ලබන 13 වැනිදා දක්වා පොසොන් සතිය ලෙස ප්‍රකාශයට පත්කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,206FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img