27.2 C
Colombo
Monday, July 7, 2025

ලෝක කාන්තාරකරණය වැළැක්වීමේ හා නියඟයේ ආදීනව පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය අද

Published:

ලෝක කාන්තාරකරණය වැලැක්වීමේ හා නියඟයේ ආදීනව පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය අදට (17) යෙදී තිබෙනවා.

1994දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් කාන්තාරකරණය වැළැක්වීමේ හා නියගයේ ආදීනව පිටු දැකීමේ ජාත්‍යන්තර සම්මුතිය (United Nations Convention to Combat Desertification) සම්මත කරගනු ලැබීමෙන් අනතුරුව මෙම දිනය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව සෑම වසරකම ජුනි 17 වනදා මෙම දිනය සමරනු ලබන්නේ කාන්තාරකරණය හා භුමි හායනය පිළිබද මහජනතාව ඇතුළු පාර්ශවයන් දැනුවත් කර එම තත්වයන් වැළැක්වීමට අවශ්‍ය පියවර ගැනීම සඳහායි.

ඒ අනුව 2025 වසරේ තේමාව (Restore The Land, Unlock The Opportunities) “භූමිය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ අවස්ථාව විවෘත කිරීම” යන්නයි.

ශ්‍රී ලංකාවේ කාන්තාරකරණ බිම් දක්නට නොලැබුන ද අප රට 1998 වසරේදී මෙම සම්මුතියේ පාර්ශවකරුවෙකු බවට පත්වූයේ විවිධ හේතු සාධක නිසා සිදුවන භූමි හායනය නැතහොත් භූමියේ ඵලදායිතාවය අඩුවීම කෙරෙහි මෙම සම්මුතිය මගින් දක්වනු ලබන අවධානය හේතුවෙන්.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පරිසරය හා සංවර්ධන කොමිසමට අනුව ලෝකයේ වසරකට හෙක්ටයාර් මිලියන 06ක් පමණ කාන්තාරකරණය සිදු වන අතර මේ සඳහා බලපාන ප‍්‍රධානම හේතුව මානව ක‍්‍රියාකාරකම් වන තුළින් මතුවන වන විනාශය, දරිද්‍රතාවය, අධික ජනගහන වර්ධනය, වැරදි සංවර්ධන ව්‍යාපෘති හා විවිධ සමාජ ආර්ථික හේතූන්ය.

ලෝක කාන්තාරකරණය වැළැක්වීමේ හා නියඟයේ ආදීනව පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් වන ජාතික වැඩසටහන අද (17) දින පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි සහ නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පරිසර අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ පැවැත්වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,213FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img