32 C
Colombo
Sunday, October 12, 2025

තුෂාර උපුල්දෙණිය අදත් අධිකරණයට රැගෙන එයි

Published:

වැඩ තහනමට ලක්ව මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බන්ධාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් අද (11) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් තිබෙනවා.

අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියකු නීතිවිරෝධී ලෙස නිදහස් කිරීමේ සිද්ධියට අදාළ නඩුව අද කැඳවීමට නියමිතයි.

අත්අඩංගුවට ගත් වැඩ තහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ඊයේ (10) අලුත්කඩේ අංක 01 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

ජනාධිපති පොදු සමාව අනීතිකව භාවිත කරමින් සිරකරුවෙකු නිදහස් කළ බවට වන චෝදනාවට අදාළව තුෂාර උපුල්දෙණිය මහතා ඊයේ රාත්‍රියේ දී අත්අඩංගුවට ගැණුනා.

ඒ පසුගිය (09) පැවති කැබිනට් මණ්ඩල රැස්විමේ දී ඔහුගේ වැඩ තහනම් කිරීමට ගත් තීරණයෙන් අනතුරුවයි.

ඊට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්න කිරීම ද සිදුකළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,264FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img