32.2 C
Colombo
Saturday, January 17, 2026

ජින්තුපිටියේ වෙඩිතැබීම ගැන පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන අරඹයි

Published:

ඊයේ (16) රාත්‍රියේ කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් වාර්තා වූණා.

ජින්තුපිටිය ‘125 වත්ත’ ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුවී තිබුණු අතර, ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් විසින් වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි පැවසෙන්නේ.

වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ 44 හැවිරිදි කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගොස් තිබෙනවා.

4 හැවිරිදි පිරිමි දරුවෙකුට හා 3 හැවිරිදි ගැහැණු දරුවෙකුට ද එම වෙඩි තැබීමෙන් තුවාල සිදුවී ඇති අතර, ඔවුන් ප්‍රතිකාර සඳහා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කළ බවත්, දරුවන් දෙදෙනාගේ තත්ත්වය යහපත් බවත් පොලිසිය සඳහන් කළා.

මෙම වෙඩි තැබීම පාතාල කල්ලි දෙකක් අතර සිදුවූ ගැටුමක ප්‍රතිඵලයක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් පැවසුවේ.

ැඑ අනුව සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් 03 ක් විමර්ශන ආරම්භ කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,010FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img