අද (05) නාරම්මල කුරුණෑගල මාර්ගයේ නාරම්මල නගරය ආසන්නයේදී සිදුවූ බස්රථ අනතුරකින් තිදෙනකු මියගොස් තිබෙනවා.
මෙම අනතුරින් තවත් තිදෙනකු තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිස් මුලස්ථානය පැවසුවේ.
කුරුණෑගල දෙස සිට නාරම්මල දෙසට ධාවනය වූ ලොරි රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ දකුණු පසට ඇදී ගොස් කටුනායක සිට අක්කරෙයිපත්තුව දක්වා ධාවනය වූ ලංගම බස් රථයක ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුරින් ලොරි රථයේ ගමන් කළ රියදුරු, පිරිමි පුද්ගලයකු, කාන්තාවන් දෙදෙනෙකු සහ ළමුන් දෙදෙනෙකු තුවාල ලබා නාරම්මල හා කුරුණෑගල රෝහල් වෙත ඇතුලත් කිරීමෙන් අනතුරුව ලොරි රථයේ රියදුරු එහි ගමන් කළ පිරිමි පුද්ගලයකු හා කාන්තාවක් මියගොස් තිබුණා.
මරණකරුවන් අවුරුදු 41, 80 හා 82 වයස්වල පසුවන පොලොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවන්.
එම ලොරි රථයේම ගමන් කළ වයස අවුරුදු 40 ක කාන්තාවක්, වයස අවුරුදු 16 හා වයස අවුරුදු 09 ක දැරියන් දෙදෙනෙකු තවදුරටත් කුරුණෑගල රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටින බවද පොලිසිය පවසනවා.
බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර නාරම්මල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.




Downloaded the funinexchangeapp and it’s actually more convenient than I thought. Trading on the go is pretty sweet. Definitely recommend it if you’re always on your phone.
Hey all, stumbled across 92games the other day. Decent selection of games and pretty easy to navigate. Give it a go if you’re looking for something new: 92games