YouTube කියන්නේ ලෝකය පුරා මිලියන සංඛ්‍යාත ජනතාවක් අතරේ ඉතාමත් ජනප‍්‍රිය වීඩියෝ යෙදුමක්.
එතකොට iPhone එකත් නවීන තාක්ෂණයත් එක්ක වේගයෙන් අප්ඬේට් වෙන දෙයක්.
හැබැයි ඔන්න පැරණි iPhone මාදිලි කිහිපයක් සඳහා YouTube යෙදුම මේ වෙනකොට ක‍්‍රියාත්මක වෙන්නේ නෑ කියලා වාර්තා වෙනවා.
Google සතු YouTube යෙදුම iOS 20.22.1 Version එකට යාවත්කාලීන කරලා තියෙන නිසා දැන් YouTube ස්ථාපනය කරලා ක‍්‍රියාත්මක කරන්න iOS 16 හෝ ඊට පසු Version එකක් අවශ්‍ය වෙනවා.
ඒ කියන්නේ සමහර iPhone මාදිලි සමඟ YouTube තවදුරටත් භාවිත කරන්න බෑ.
මේ අනුව බලපෑමට ලක්වෙලා තියෙන්නේ iOS 15 ට වඩා Update කරන්න බැරි ඒවා.
ඒ අතරට iPhone 6s, iPhone 6s Plus, iPhone 7, iPhone 7 Plus සහ පළමු පරම්පරාවේ iPhone SE ඇතුළත් වෙනවා.
පසුගිය ජුනි 2 වැනිදා YouTube නිහඬවම 20.22.1 Version එකේ වෙනස සිදු කරලා තියෙනවා.
කොහොම වුණත් දැන් YouTube iPhone වල ක‍්‍රියාත්මක වෙන්න නම් iOS 16.0 හෝ ඊට පසු අනුවාදයක් වගේම iPad වල ක‍්‍රියාත්මක වෙන්න නම් iPad 16.0 හෝ ඊට පසු Version එකක් ඕන වෙනවා.
ඒකෙන් කියන්නේ iPad Air 2 සහ iPad mini 4 සඳහා YouTube යෙදුම අත්හිටුවලා තියෙන බව.
කොහොම වුණත් YouTube යෙදුම භාවිත කරන්න බැරි Apple devices වලට Video Stream එකේ mobile web version එකෙන් තවදුරටත් YouTube නරඹන්න පුළුවන් බවත් වාර්තා වෙනවා.