26.3 C
Colombo
Wednesday, October 15, 2025

තිළිණි ප්‍රියමාලිට ඇප

Published:

හෝමාගම මුලස්ථාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද ව්‍යාපාරික තිළිණි ප්‍රියමාලි රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණ නියෝග කර තිබෙනවා .

සැකකාර තිළිණි ප්‍රියමාලි ඉකුත් ජුනි 16වෙනි දින අධිකරණයෙහි විභාග වන නඩුවක් සඳහා පෙනි සිටීමට හෝමගම අධිකරණයට පැමිණි අවස්තාවේ සැකකාරියට ලබා දීමට තිබූ සිතාසියක් අධිකරණයේ රාජකාරියේ නිරත වෙමින් සිටි සිතාසි බෙදා දෙන්නෙකු ලබාදීමට යාමේදී අයුතු අවහිරය, සාපරාදි බිය ගැන්වීම, රාජකාරීයට බාධා කිරීම සිතාසි නිකුත් කරන්නාගේ රාජකාරියට බාධා කිරීම යන චෝදනා යටතේයි සැකකාරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ .

ඒ සම්බන්ධයෙන් හෝමාගම මහෙස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසුන්දර මහත්මිය විසින් ඉකුත් ජුලි 14 දින නියෝගයක් සිදු කරමින් ජුලි 15 වන දින හෝමාගම මුලස්ථාන පොලීසියේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන ලෙස සැකකාරියට නියෝගයක් ලබා දුන්නා .

ඒ අනුව සැකකාර ව්‍යාපාරිකා තිළිණි ප්‍රියමාලි ප්‍රකාශයක් ලබාදීමට හෝමාගම පොලිස් මූලාස්ථානයට පැමිණි අවස්තාවේදීයි අත්අඩංගුවට ගෙන තිබුණේ .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,270FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img