27.2 C
Colombo
Tuesday, July 22, 2025

හිටපු පොලිස්පති රොහාන් ප්‍රේමරත්න අත්අඩංගුවට ගැනීමේ අවශ්‍යතාවයක් නෑ – අල්ලස් කොමිසම

Published:

අල්ලස් කොමිසම විසින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මෙම අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීමේ අවශ්‍යතාවයක් මතු නොවන බව අල්ලස් කොමිසම අද (22) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.

අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හරිණ ලෙස ඉල්ලා රොහාන් ප්‍රේමරත්න විසින් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරියා මේ බව දැනුම් දුන්නා.

ඒ අනුව මහේස්ත්‍රාත්වරයා පෙත්සම්කාර ප්‍රේමරත්නගේ නීතිඥවරයාට දැනුම් දුන්නේ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාට අල්ලස් කොමිසම හමුවට ගොස් ප්‍රකාශයක් ලබාදීමට කටයුතු කරන ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,343FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img